SLCS
මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලිය අද දින ආරම්භ විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති එස්.එස්.සී සහ කුරුණෑගල යූත් ක්‍රීඩා සමජය තරගයේදී එස්.එස්.සී පළමු ඉනිම 89 කට සීමා විය.ඉන් අනතුරුව කුරුණෑගල තරුණ පිල දිනය අවසානයේ ලකුණු 142 කට දැවී ගියේය.කුරුණෑග පිල වෙනුවෙන් දිනුෂ්ක මාලන් (5/27) සහ එස්.එස්.සී වෙනුවෙන් දසුන් ශානක (5/36)  දක්ෂ පන්දු යැවීමක නිරත විය.

දිනයේ රැස්කල එකම ශතකය වාර්තා කිරීමට කැන්ඩ් කස්ටම් පිල නියෝජනය කරමින් එන්.සී.සී පිලට එරෙහිව සහන් කෝසල (116) සමත් විය.දිනයේ දක්ෂතම පන්දු යැවීමක නිරත වුයේ මුවර්ස් පිලෙහි චානුක ඩිල්ෂාන්ය ඔහු බී.ආර්.සී පිලට එරෙහිව ලකුණු 47 කට කඩුලු 7 ක් බිඳ දැමීය.

 

පානදුර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය පානදුර මහජන  ක්‍රීඩාංගණය

පානදුර ක්‍රීඩා සමාජය මුල් ඉනිම මුල් ඉනිම සියල්ල දැවී  236 (පන්දුවාර 75.1)- ඉරෝෂ් සමරසූරිය 42,ඕෂද ප්‍රනාන්දු 25, රමින්ද විජේසූරිය 16, රුමේෂ් බුද්ධික 81,ඉම්තියස් ස්ලාසා 32,නලින් ප්‍රියදර්ශන 5/80,දිලුම් සුදීර 3/70

පොලිස් ක්‍රීඩා සමාජය පළමු දිනයට  22/1   (පන්දුවාර 12)- සංගීත් ෂෙහාරා නොදැවී 18,යෂාන් අවිශ්ක 1/10

ඒස් කැපිටල් සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය සී.සී.සී ක්‍රීඩාංගණය

බදුරලිය ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  314 (පන්දුවාර 84.2)-  දුනිත් ජයතුංග 51, අලංකාර අසංක සිල්වා 45,චානක රුවන්සිරි 69, අනුක් ප්‍රනාන්දු 64,චලන ද සිල්වා 32, සිතුම් දිසානායක 3/21, වනුජ සහන් 2/86 රොෂාන් ජයතිස්ස 3/75

මීගමු ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කටුනායක ආයෝජන මණ්ඩල ක්‍රීංඩාංගණය

මීගමු ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  181 (පන්දුවාර 66.5)- ඩිල්ෂාන් මුණවීර 44,ඇන්ජලෝ ජයසිංහ 19,හිමාෂා ලියනගේ 26,මාධව වර්ණපුර 36,කවිශ්ක අංජුල 2/39,ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/21,අකිල ධනංජය 3/34

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු දිනයට  39/2 (පන්දුවාර 12)- රවිඳු රසන්ත නොදැවී 28, නිශාන් පීරිස් 1/11

රාගම ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජය අතර තරගය සරේ ක්‍රීඩාංගණය

රාගම ක්‍රීඩා සමාජය මුල් ඉනිම පළමු දිනයට  257/7 (පන්දුවාර 90)- දිනෙත් තිමෝද්‍ය 60,විනුර දුල්සර 65,සංජය චතුරංග නොදැවී 49,රන්මිත් ජයසේන 36,රවිඳු ප්‍රනාන්දු 4/58,මිහිරංග සිල්වා 1/44,ඉසිත විජේසුන්දර 1/52

එස්.එස්.සී සහ කුරුණෑගල යූත් ක්‍රීඩා සමජය අතර තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණය

එස්.එස්.සී මුල් ඉනිම සියල්ල දැවී  89 (පන්දුවාර 35.4)- දිමුත් කරුණාරත්න 24,ලක්ෂිත මානසිංහ 22, දිනුෂ්ක මාලන් 5/27, ලහිරු ජයරත්න 3/31

කුරුණෑගල යූත්  ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී   142 (පන්දුවාර 41.5)- ලහිරු ජයරත්න 43,ගයාන් මනීෂාන් 39,දසුන් ශානක 5/36,කසුන් රාජිත 2/34,අක්මාල් ෆස්ලි 2/32

කැන්ඩ් කස්ටම් සහ එන්.සී.සී අතර තරගය තර්ස්ටන් ක්‍රීඩාංගණය

කැන්ඩ් කස්ටම් මුල් ඉනිම ඉනිම පළමු දිනයට  316/5 (පන්දුවාර 90)- - තෙවිඳු දික්වැල්ල 23, ෂෙහාන් ප්‍රනාන්දු 56, සහන් කෝසල 116,රොස්කෝ තටිල් නොදැවී 72,දුෂ්මන්ත චමීර 2/45

ටැමිල් යුනියන් සහ සී.සී.සී අකර තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය

ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී  177 (පන්දුවාර 45.5)-  තුලින ඩිල්ෂාන් 30,සිතාර හපුහින්න 34,සචිත ජයතිලක නොදැවී 64,තරිඳු රත්නායක 27,ඉසුරු උදාන 3/32,ධනංජය ද සිල්වා 2/34,සොනාල් දිනූෂ 2/31,ලක්ෂාන් සඳකැන් 2/4

සී.සී.සී  මුල් ඉනිම පළමු දිනයට  189/6 (පන්දුවාර 44)- නිමේෂ ගුණසිංහ 20,ලසිත් කෲස්පුල්ලේ 35,මිනෝද් භානුක 58,පවන් රත්නායක 46, තරිඳු රත්නායක 2/67,විජයකාන්ත් වියස්කාන්ත් 2/26,සඳුන් වීරක්කොඩි 2/7 

මුවර්ස් සහ බී.ආර්.සී අතර තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණය

බී.ආර්.සී මුල් ඉනිම සියල්ල දැවී 200 (පන්දුවාර 56.3)- චාමික හීනටිගල 38,දිනිරු අබේවික්‍රමසිංහ 23,මලින්ද පුෂ්පකුමාර නොදැවී 38, චානුක ඩිල්ෂාන් 7/46,රමේෂ් මෙන්ඩිස් 3/58

මුවර්ස් මුල් ඉනිම පළමු දිනයට  133/4 (පන්දුවාර 33)- සධීර සමරවික්‍රම නොදැවී 42, පසිඳු සූරියබණ්ඩාර 41,මලින්ද පුෂ්පකුමාර 1/35,චමින්ද බණ්ඩාර 1/22