නවසීලන්තයට කඩුලු 9 ක පහසු ජයක්

    2025-01-05 22:35   |    Views : 158

ශ්‍රී ලංකාව සමග වෙලින්ටන්හි බේසින් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත පිල සමත් විය.

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළේය.එහිදී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල තරගයට එක්විය.

තණකොළ සහිත තණතීරුවක සංචාරක පිල දුර්වල පිතිකරණයක නිතර වුයේ මුල් කඩුලු හතර ලකුණු 23 කට දැවී ගියේය.පස්වන කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) ලකුණු 87 ක සබඳතාවයෙන් ඔවුන්ගේ පිලට යම් ජීවයක් ගෙන දුන්නේය.කේසේ වෙතත් චමිදු වික්‍රමසිංහගේ (22),වනිඳු හසරංග (35) දායකත්වයෙන්  43.4 කදී ලකුණු 178 රැස් කළේය.මැට් හෙන්රි කඩුලු හතරකට හිමිකම් කීවේය.

විල් යං පන්දු 86 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී 90 ලබා ගනිමින් නවසීලන්ත ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමිනි.ඹවුන්ගේ බිඳ වැටුන එකම කඩුල්ලට චමිදු වික්‍රමසිංහ දවා ගත්තේය.

ශ්‍රී ලංකාව සියල්ලම දැවී 178 (ප.වා 43.4)-අවිශ්ක ප්‍රනාන්දු 56,ජනිත් ලියනගේ 36,චමිදු වික්‍රමසිංහ 22,වනිඳු හසරංග 35,මැට් හෙන්රි 4/19,ජෙකොබ් ඩෆී 2/39,නේතන් ස්මිත් 2/43

නවසීලන්ත එක කඩුල්ලට 180(ප.වා 26.2)-විල් යං නොදැවී 90,රචින් රවීන්ද්‍ර 45,මාර්ක් චැප්මන් නොදැවී 29,චමිදු වික්‍රමසිංහ 1/28

Share on Facebook Share on WhatsApp Share on Viber