SLCS
නව ක්‍රීඩා ඇමැති නාමල්

නව ක්‍රීඩා ඇමැති නාමල්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව වාර්තා කිහිපයක් ම පිහිටුවමින් සෞභාග්‍යයේ දැක්ම රජයේ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

34 හැවිරිදි නාමල් රාජපක්ෂ මහතා මෙරට ළාබාලතම ක්‍රීඩා ආමාත්‍යවරයා ලෙසත් සහ ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයෙක් ක්‍රීඩා අමාත්‍යවරයෙක් ලෙසින් පත් වූ පළමු අවස්ථාවත් ලෙසින් ඉතිහාසයට එක් වූයේ ය.

ක්‍රීඩාවට අමතරව තරුණ කටයුතු ද ඔහුට පැවැරී තිබේ. ජාතික රග්බි ක්‍රීඩකයකු ලෙසත්, නීතිඥවරයකු ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් වසර ගණනාවක් අත්දැකීම් සහිත නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

අභිනව තනතුරට පත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට slcscorers.com වෙතින් සුබ පැතුම්.

@ JP