SLCS
නෝමන් - සජීඩ් පාකිස්තානයට ජය ගෙනෙති

නෝමන් - සජීඩ් පාකිස්තානයට ජය ගෙනෙති

වමතින් දගපන්දු යවන නෝමන් අලී (101/3 සහ 46/8) සහ පිට දග පන්දු යවන සජීඩ් ඛාන් (111/7 සහ 93/2) තරග පුරා පන්දුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන් එංගලන්තයට එරෙහිව මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කර ගැනීමටද පාකිස්තානුවට හැකි වූහ.

තරගයේ සිවුවැනි දිනය වූ අද (18 වැනිදා) උදෑසන පන්දුයට පහරදීමට පිටියට පිවිසි එංගලන්තයට ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 261 ක් අවශ්‍ය විය.

නමුත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නෝමන් අලී සහ සජීඩ් ඛාන් ඉතිරි කඩුලු 8 ඔවුන් අතර බෙදා ගනිමින් එංගලන්ත පිල ලකුණු 144 කට සීමා කිරීමට සමත්වූහ. ඉන් කඩුලු 7 ක් නෝමන් අලීට හිමි වූ අතර සජීඩ් ඛාන් ඉතිරි කඩුල්ලට හිමිකම් කීය.

ලකුණු 88 කට කඩුලු 6 ක් දැවී තිබියදී නායක බෙන් ස්ටෝක්ස් (37) සහ බ්‍රයිඩන් කාර්ස් (27අ) එංගලන්ත පිල පරාජයෙන් ගලවා ගැනීමට දැඩි සටනක නිරත වුවද ස්ටෝක්ස් ස්ටම්ප්ස් කිරීමකට හසුව දැවීයාමත් සමගින් ඔවුන්ගේ අවසන් බලාපොරොත්තු සුන් වූහ. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතර ලකුණු 37 ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණි. 

පාකිස්තාන පළමු ඉනිම - සියළුදෙනා දැවී 366

(සයිම් අයුබ් 77, කම්රන් ගුලාම් 118, මොහොමඩ් රිස්වාන් 41, සල්මාන් ආඝා 31, ආමීර් ජමාල් 37, නෝමන් අලී 32, ජැක් ලීච් 114/4, බ්‍රයිඩන් කාර්ස් 50/3, මැතිව් පොට්ස් 66/2)

එංගලන්ත පළමු ඉනිම - සියළුදෙනා දැවී 291

(සැක් ක්‍රව්ලි 27, බෙන් ඩකට් 114, ඔලී පොප් 29, ජෝ රූට් 34, ජේමී ස්මිත් 21, ජැක් ලීච් නොදැවී 25, සජීඩ් ඛාන් 111/7, නෝමන් අලී 101/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - සියළුදෙනා දැවී 221

(සයිම් අයුබ් 22, කම්රන් ගුලාම් 26, සවුඩ් ෂකීල් 31, මොහොමඩ් රිස්වාන් 23, සල්මන් අඝා 63, සජිඩ් ඛාන් 22, ෂොයිබ් බසීර් 66/4, ජැක් ලීච් 67/3, බ්‍රයිඩන් කාර්ස් 29/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියළුදෙනා දැවී 144

(ඔලී පොප් 22, බෙන් ස්ටෝක්ස් 37, බ්‍රයිඩන් කාර්ස් 27, සජීඩ් ඛාන් 93/2, නෝමන් අලී 46/8)