චමිඳු වික්‍රමසිංහ එක්දින සංචිතයට කැඳවයි
-
2024-10-19 08:00 |
Views : 208
By රොෂාන් ගුණරත්න
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට චාමික කරුණාරත්න වෙනුවට තවමත් එක්දින වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ඇතුළත්ව ඇත.
ඊට අමතරව පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ද කැඳවා තිබේ.
අවසන් වරට 2023 එක්දින ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරඟයක් සඳහා පමණක් ක්‍රීඩා කළ චාමිත කරුණාරත්න එතැන් පටන් තරගාවලි කිහිපයක අතිරේක ක්රීඩකයකුට පමණක් සීමා විය.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ චමිඳු වික්‍රමසිංහ සංචිතයට එක්වන විට චාමික කරුණාරත්න සංචිතයෙන් විසිවිය.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරඟයට ක්‍රීඩා කළ චමිඳු විකුමසිංහට දෙවැනි සහ තෙවැනි තරගයන්හී අතිරේක ක්‍රීඩකයකු වීමට සිදුවූයේ දඟ පන්දු යවන්නන්ට වැඩියෙන් යෝග්‍ය තණතීරු භාවිතා කිරීම හේතුවෙනි.
ඉන්දීය සංචිතයට එක්වූ මොහොමඩ් සිරාජ් සිය ස්ථානය රැක ගැනීමට සමත්වී ඇති අතර අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මදුශංක වේගපන්දු බල ඇණිය ශක්තිමත් කරනු ඇත.
කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරඟ තුනම ක්‍රීඩා කළ මතීෂ පතිරණට සංචිතයේ ස්ථානයක් හිමිව නැත.
දඟ පන්දු යැවීමේ පෙරමුණ මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග මෙහෙයවනු ඇති අතර ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ ඔවුන්ට සහය වනු ඇත.
ශ්‍රී ලංකා පිතිකරණයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර නායක චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම සහ නිශාන් මධුෂ්ක වැනි ප්‍රබල පිතිකරුවන් රැසක් කණ්ඩායම ශක්තිමත් කරනු ඇත.
තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වන අතර තරග තුනම පල්ලෙකැලේ හිදී පැවැත්වේ.
ාචරිත් අසලංක (නායක), අවිශ්ක
ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල්
මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත්
ලියනගේ, සදීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු
හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන්
මදුශංක, මොහොමඩ් ශිරාස්.