
කුලසිංහ විද්‍යාලය ඉනිමක අඩුම ලකුණු වාර්තා කරයි
-
2024-10-23 07:24 |
Views : 484
පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වයස 13 න් පහළ කණ්ඩායමක් ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට ජාඇළ, ආචාර්ය කුලසිංහ විද්‍යාලය පසුගියදා සමත්විය.
ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සංවිධානය කරනු ලබන වයස 13 න් පහළ ‘ඒ‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේදී ජාඇළ, ආචාර්ය කුලසිංහ විද්‍යාලයට එරෙහිව හේනේගම මධ්‍ය මහා විද්‍යාලය විසින් මෙම දස්කම් සිදුකරන ලදී. ඒ අනුව ඉනිමක සහ ලකුණු 176 ක ජයක් හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් හේනේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ජාඇළ, ආචාර්ය කුලසිංහ විද්‍යාලීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 11.2 කදී සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි. ආචාර්ය කුලසිංහ විද්‍යාලීය කණ්ඩායම තරගයට ක්‍රීඩා කරනු ලැබූයේ ක්‍රීඩකයන් 10 දෙනෙකු සමගින්ය.
ආචාර්ය කුලසිංහ විද්‍යාලීය කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 17 ට වයිඩ් පන්දු 7 ක් ද ඇතුළත් වූ අතර පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු නොළඹාම දැවී ගියහ.
දම්සර චිරංදිත් ලකුණු 11 කට කඩුලු 4 ක් ද, මෙත්මිණ පැහැසර ලකුණු 4 කට කඩුලු 4 ක් සහ ගිත්සර යසස් කඩුල්ලක්ද දවාගනිමින් පන්දුවෙන දස්කම් දැක්වූහ.
පිළිතුරු ඉනිම ඇරඹූ හේනේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 194 ක් රැස් කිරීමට සමත්විය.
අදීෂ් ඉඳුවර පන්දු 56 කදී හතරෙ පහර 7 ක් සමගින් ලකුණු 53 ක් සහ ලතින්ත ආකාෂ් පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 177 ක් පසු පසින් සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිසි ආචාර්ය කුලසිංහ විද්‍යාලීය කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා රැස් කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණී. එම ඉනිම ඕවර 7 කට සීමා විය.
මුල් පිතිකරුවන් 7 දෙනාම ලකුණු නොළඹාම පිටියෙන් ඉවත් වූ අතර 9 වැනි පිතිකරු ශ්‍රීරාම් කබිලාෂ් 1 ලකුණක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුව දැවී ගියේය. ආචාර්ය කුලසිංහ විද්‍යාලීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලබාගත් එකම ලකුණද එය විය.
මෙත්මිණ පැහැසර ඕවර 4 කදී නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණකට කඩුලු 4 ක් සහ ලතින්ත ආකාෂ් ඕවර 3 කදී නිළකුණු ඕවර 3 ක් සමගින් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ආචාර්ය කුලසිංහ විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 11.2 කදී සියලුදෙනා දැවී 17
(දම්සර චිරංදිත් 11/4, මෙත්මිණ පැහැසර 4/4, ගිත්සර යසස් 00/1)
හේනේගම ම.ම. විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී 194
(අදීෂ් ඉඳුවර 53,ලතින්ත ආකාෂ් 31, දිනෙත් රුක්ෂාන් 27/3, පසිඳු ප්‍රබාෂ්වර 43/3)
ආචාර්ය කුලසිංහ විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 7 කදී සියලුදෙනා දැවී 01
(මෙත්මිණ පැහැසර 01/4, ලතින්ත ආකාෂ් 00/4)
Share on Facebook Share on WhatsApp Share on Viber