SLCS
අයි.පී.එල් තරගාවලිය අනිද්දා ඇරඹෙයි

අයි.පී.එල් තරගාවලිය අනිද්දා ඇරඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අනිද්දා (22 වැනිදා) ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව මාර්තු 22 ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මැයි 25 වැනිදා දක්වා පැවැත්වේ.

ක්‍රීඩාංගණ 13කදී, තරග 74ක් පැවැත්වෙන අතර, සති අන්තයේදී දිනකට තරග දෙක බැගින් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, තරගාවලිය ආරම්භ කරමින් පසුගිය වසරේ ශූරයන්වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පළමු තරගය පැවැත්වේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

තරග කාලසටහන