SLCS
ආණ්ඩුකාර කුසලාන අවසන් තරගයට යුනිචෙලා සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබති.

ආණ්ඩුකාර කුසලාන අවසන් තරගයට යුනිචෙලා සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන එක්දින තරගාවලියේ අද පැවති අවසන් පූර්ව තරග ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් වුහ.   

යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය අතර තරගය අද දිනයේ බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවත්වුණි.උදෑසන පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්  පන්දුවාර 45 ක තරගයක් ලෙසට ආරම්භ විය.

ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය  ලකුණු 216 ක් හඹායන විට වර්ෂාව හෙතුවෙන් තරගය නතර කරන විට ප.වා 20.5 කදී කඩුලු 5 කට ලකුණු ලකුණු 62 රැස් කිරීමට ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය හැකිවිය.එහෙත් ඩක්වර්ත්-ලුවිස්-න්‍යාය අනුව ආදි ධර්මපාල පිලට එවිට ලකුණු 125 ක් අවශ්‍ය විය ඒ අනුව ඩක්වර්ත්-ලුවිස්-න්‍යාය අනුව යුනිචෙලා ක්‍රීඩා  සමාජයට ලකුණු 63 ක ජයක් හිමි විය. 

යුනිචෙලා ක්‍රීඩා  සමාජය 215/10 (ප.වා 44.2) -කලණ සන්දීප 50 ,ජානක සම්පත් 35,ගිම්හාන් ආශිර්වාද 44,තරිඳු දිලංක 25,රුචිර සිල්වා 6/32,නිශාන් පෙරේරා 2/22

ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය 62/5 ප.වා (20.5)-ඉන්සක සිරිවර්ධන 19,ධනුෂ්ක රණසිංහ 2/12

දොඹගොඩ යුධ හමුදා පැවති සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කඳුකර ක්‍රීඩා සමාජය තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා අතිවීම හේතුවෙන් තරගයේ දෙවනුවට පහර දුන් කඳුකර පිලට පන්දුවාර 3ක් පමණක් මුහුණ දීමට සිදුවිය .එබවින් තරගයේ තීරණයක් ලබා ගැනීමට කාසියේ වාසිය උරගා බැලීම සිදු විය.එයින් ජයග්‍රහණ කල සැරසන්ස් ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය 220/5 (ප.වා 40)-මලිත පෙරේරා 20,රශ්මික මෙවන් 39,ගෙවින් බොතේජු 39,ඉඳුවර උදේන 1/33,චේතක දෙනුවන් 1/2

කඳුකර ක්‍රීඩා සමාජය 10/2 (ප.වා 3)-නුවන් මෙන්ඩිස් 9,සිනෙත් දිසානායක 2/6