යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරග ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව පානදුර පිල විසින් එන්.සී.සී පිල ලකුණු 48 කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පානදුර පිල වෙනුවෙන් විශේන් හැළඹගේ හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමගින් පන්දු පන්දු 26 කින් ලකුණු 54 ක් රැස් කළේය.ඒ අනුව මෙම යෙවුන් පිතිකරු මෙම තරගාවලියේ තරග අටකට සහභාගි වෙමින් ලකුණු 283 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාබීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත.
පානදුර පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 167 යි.-විශේන් හැළඹගේ 55,නිමේෂ් විමුක්ති 43,දුෂාන් හේමන්ත 21,දුෂ්මන්ත චමීර 2/17
එන්.සී.සී පන්දුවාර පන්දුවාර 13 කදී කඩුලු 7 කට 74 යි.-ජීවක සෂින් 22,නිරෝෂන් දික්වැල්ල 19,සෙනිත හැලඹගේ 2/23,විශ්ව ලහිරු 3/14,දුෂාන් හේමන්ත 2/21
පානදුර ක්‍රීඩා සමාජයට ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ලකුණු 48 ක ජයක්.
මෙම තරගයෙන් අනතුරුව කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) විදුලි ආලෝකය යටතේ පැවති දෙවන අවසන් පූර්ව තරග මුවර්ස් පිල කඩුලු 8 කින් පරාජය කල සී.සී.සී පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. තරගය අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පන්දුවාර අටකට සීමා විය.
මුවර්ස් පන්දුවාර 8 කදී කඩුලු 5 කට 86 යි.-රමේෂ් මෙන්ඩිස් නොදැවී 28,සදීර සමරවික්‍රම 17,නුවන් තුෂාර 1/24,ඉසුරු උදාන 2/20
සී.සී.සී පන්දුවාර 6 යි පන්දු 4 කදී කඩුලු 2 කට 89 යි.-නිශාන් මධුෂ්ක 47,චතුරංග ද සිල්වා නොදැවී 30,මල්ෂ තරුපති 2/16
සී.සී.සී පිලට කඩුලු 8 ක ජයක්.
අවසන් තරගට හෙට (15) රාත්‍රී 7.30 ට කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) විදුලි ආලෝකය යටතේ පැවැත් වේ.