සෙනසුරාදා (අද) ලෝඩ්ස්හිදී අවසන් වු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
ලන්ඩනයේ සිව්වන උදෑසන අවශ්‍ය ලකුණු 69 න් තරමක් සැහැල්ලුවෙන් ක්‍රියා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම, කයිල් වෙරීන් ජයග්‍රාහී පහරක් එල්ල කරමින් 1998 න් පසු දකුණු අප්‍රිකාවට අයි.සී.සී කුසලානයක් ලබා දුන්නේය.
ආරම්භක පිතිකරු ඒඩන් මාක්‍රම් ජයග්‍රහණයට ලකුණු හයක් පමණක් අවශ්‍යව තිබියදී දැවී ගියේය. ඔහුගේ ඉනිම මිනිත්තු 383 ක් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 207 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 136 කින් වර්ණවත් වූ අතර,තෙවන කඩුල්ලට නායක ටෙම්බා බවුමා (66) සමගින් මාක්‍රම් ගොඩනැගූ ලකුණු 147 සබඳතාවය දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය.
තරගයේ ප්‍රථම සහ දෙවන දිනයේ පන්දුවෙන් ආධිපත්‍යය දැරූ දෙපාර්ශවය වෙනුවෙන් තරගය පුරා පැට් කමින්ස් 7/87 සහ කගිසෝ රබාඩා 9/110 දක්ෂ පන්දු යැවීමත නිරත වුහ.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 212/10 (ප.වා 56.4)-ස්ටීවන් ස්මිත් 66,බියු වෙබ්ස්ටර් 72,කගිසෝ රබාඩා 5/51 දෙවන ඉනිම 207/10 (ප.වා 65)-ඇලෙක්ස් කේරි 43, මිචෙල් ස්ටාර්ක් නොදැවී 53,කගිසෝ රබාඩා 4/59,ලුන්ගි න්ගිඩි 3/38
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 138/10 (ප.වා 57.1)-ටෙම්බා බවුමා 36,ඩේවිඩ් බෙඩින්හැම් 45,පැට් කමින්ස් 6/28,මිචෙල් ස්ටාර්ක් 2/41 දෙවන ඉනිම 282/5 (ප.වා 83.4)-ඒඩන් මාක්‍රම් 134, ටෙම්බා බවුමා 66,මිචෙල් ස්ටාර්ක් 3/66