SLCS
රාජ්‍ය සේවා B කොටසේ ශූරතාව සෞඛ්‍යට

රාජ්‍ය සේවා B කොටසේ ශූරතාව සෞඛ්‍යට

SL Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගත් SL Health SC ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ B කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට පසුගියදා සමත් වූහ.   

ගොඩිගමුව එම්. බී. ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් SL Health SC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 222ක් ගත් අතර ඊට පිළිතුරු ලෙසින් SL Customs SC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ  සියලුම දෙනා දැවී ලකුණු 203ක් පමණි. 

මෙම ජයග්‍රහණයේ දී SL Health SC කණ්ඩායම වෙනුවෙන් තරිඳු ජයසිංහ පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර චමිල් මදුශංක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම්වල නිරත වූහ. 

ඊට අමතර SL Health SC කණ්ඩායමේ නායක චන්දන ධනපාල පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ද සහ අනිල් සංජය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත් හ. 

කඩුලු දවා ගැනීමේ දී මල්ශාන් පෙරේරා ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මනෝජ් සමරසේකර කඩුලු 2ක් දවා ගත්තේ ය. 

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ මනෝජ් සමරසේකර. ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය.

කඩුලු දවා ගැනීමේ දී සඳුන් ප්‍රසන්න ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත් අතර නීල් රංජන් ලකුණු 44කට කඩුලු 3ක් ද සහ නිශාන්ත කරුණාරත්න කඩුලු 2ක් ද දවා ගත් හ. 

ඔවුන් ඒ ලෙසින් දක්ෂතා දක්වද්දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ කඩුලු රැකීමේ නිරත වූ චමිල් මදුශංක කඩුලු බිඳ දැමීම් 2කට සහ උඩ පන්දු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූයේ ය. 

SL Health SC - සියලුම දෙනා දැවී 222 (45.3) තරිඳු ජයසිංහ 52, චමිල් මදුශංක 33, චන්දන ධනපාල 30, අනිල් සංජය 20, මල්ශාන් පෙරේරා 4/34, මනෝජ් සමරසේකර 2/59

SL Customs SC - සියලුම දෙනා දැවී 203 (46.3) මනෝජ් සමරසේකර 65, ලියෝන් මදුශාන් 45, මල්ශාන් පෙරේරා 28, සඳුන් ප්‍රසන්න 4/13, නීල් රංජන් 3/44, නිශාන්ත කරුණාසේන 2/27

ජයග්‍රාහී SL Health SC කණ්ඩායම
චන්දන ධනපාල (නායක), චමිල් මදුශංක (උප නායක සහ කඩුලු රකින්නා), සිතුම් තරංග, කසුන් මීසෝ, කේ. ජී. රසික, නීල් ද සිල්වා, නිශාන්ත කරුණාරත්න, දිනූෂ චතුරංග, සඳුන් ප්‍රසන්න, සමන්ත කුමාර, පමුදිත දුලාංජන, තරිඳු ජයසිංහ, රොක්ෂාන් සේනානායක, අනිල් සංජය.