SLCS
ආණ්ඩුකාර කුසලාන සම  ශුරයන් යුනිචෙලා සහ සැරසන්ස්

ආණ්ඩුකාර කුසලාන සම ශුරයන් යුනිචෙලා සහ සැරසන්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර අන්තර් සමාජ එක්දින තරගාවලියේ සම ශුරයන් ලෙස යුනිචෙලා සහ සැරසන්ස් දෙපිල නම් විය.මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී (14) පැවැත්වුණි.

විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් පසු ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුනිචෙලා කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 7 කට ලකුණු 200 ක් රැස් කළේය.ඉන් අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සැරසන්ස් පිලට පන්දුවාර 40 කදි ලකුණු 206 ක ඉලක්කයක් හිමි විය.

කෙසේ නමුත් පන්දුවාර 9.1 කදී (44/4) යලිත් වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමගින් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
    
යුනිචෙලා පිල කඩුලු 7 කට ලකුණු 200 යි-කළණ සංදීප 37,ගිම්හාන් ආශිර්වාද 33,තේනුක දේවප්‍රිය 30,කමලරසන් ඉයලරසන් 2/35,ඔමේෂ් උදාර 1/27

සැරසන්ස් පිල කඩුලු 4 කට ලකුණු 44 යි.-විනුජ රණසිංහ 23,ඩිල්ෂාන් මෙන්ඩිස් 3/14,ධනුෂ්ක රණසිංහ 1/22

හොඳම පන්දු යවන්නා - ඩිල්ෂාන් මෙන්ඩිස්, යුනිචෙලා ක්‍රීඩා සමාජය
හොඳම පිතිකරු - ගැවින් බොතේජු, සැරසන්ස් ක්‍රීඩා සමාජය
තරගාවලියේ ක්‍රීඩකයා - නිසංජය හෙට්ටිආරච්චි, කුරුණෑගල ක්‍රීඩා සමාජය