SLCS
විස්සයි20 ජය  සී.සී.සී ක්‍රීඩා සමාජයට

විස්සයි20 ජය සී.සී.සී ක්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබු අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ විදුලි විදුලි ආලෝක ධාරා මැද අද (15) පැවති අවසන් තරගය කඩුලු 6 කින් පානදුර ක්‍රීඩා සමාජය පරජය කරමින් ශුරතාවය හිමිකර ගැනීමට සී.සී.සී ක්‍රීඩා සමාජය සමත් විය.   

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව සී.සී.සී ආරධනයෙන් පළමු පන්දුවට පහරදුන් පානදුර ක්‍රීඩා සමාජයෙහි මුල් පිතිකරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු ලකුණු නොලබාද (එරංග ජයකොඩිගේ,නිසල තාරක,නිමේෂ් විමුක්ති) සහ සසිඳු මල්ෂාන් (3) දැවීගිය මොහොතක (4/32) මෙතෙක් තරගාවලිය පුරා වැඩිම ලකුණු ලාභී විෂේන් හැලඹගේ  සිව්වන කඩුල්ලට දුෂාන් හේමන්ත එක්ව ලකුණු 64 සබඳතාවයක් ගොඩ නැගුහ.

මෙහිදී විෂේන් හැලඹගේ හයේ පහර 6 ක්ද හතරේ පහර 5 ක් සමගින් පන්දු 37 කින් ලකුණු 73 ක් රැස් කළේය.විෂේන් දැවීයාමත් සමගින් අවසන් පන්දුවාරයන්හි වේගවත් පිතිහරඔයක නිරතවු සෙනිත හැලඹගේ හයේ සහ හතර පහර තුන බැගින් එල්ල කරමින් පන්දු 17 කින් ලකුණු 36 ක් ලබා ගත්තේය.විශ්ව ප්‍රනාන්දු සහ චතුරංග ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා යාමට පිවිසි පානදුර ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ප්‍රථම පන්දුවෙන්ම දවා ගැනීමට නිමේෂ් විමුක්ති සමත් වුවද ලසිත් කෲස්පුල්ලේ සහ  දුල්නිත් සිගේරා (38) දෙවන කඩුල්ලට ලකුණු 104 ක ජයග්‍රහී අඩිතාලමක් සැකසුහ.එහිදී කෲස්පුල්ලේ පන්දු 38 කින් (හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක්) ලකුණු 78 ක් රැස් කළේය.පන්දුවාර 17 යි පන්දු 4 කදී තම ජයග්‍රහී ලකුණ සනිටුහන් කරන විට වනිඳු හසරංග (25) චතුරංග ද සිල්වා (20) නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පානදුර පිල කඩුලු 8 කට ප.වා 20 කදී 172 යි-විෂේන් හැලඹගේ 73,විශ්ව ලහිරු 20,සෙනිත හැලඹගේ නොදැවී 36,විශ්ව ප්‍රනාන්දු 2/7,චතුරංග ද සිල්වා 2/26,ඉසුරු උදාන 1/51,ඉනුක කරන්නාගොඩ 1/17,වනිඳු හසරංග 1/35

සී.සී.සී පිල කඩුලු 4 කට ප.වා 17.4 කදී 174 යි.-ලසිත් කෲස්පුල්ලේ 78,දුල්නිත් සිගේරා 38,වනිඳු හසරංග නොදැවී 25,චතුරංග ද සිල්වා නොදැවී 20,නිමේෂ් විමුක්ති 1/26, නිසල තාරක 1/28,සෙනිත හැලඹගේ 1/24,දුෂාන් හේමන්ත 1/33

සී.සී.සී ක්‍රීඩා සමාජයට කඩුලු 6 ක ජයක්.