තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සත්කාරක කණ්ඩායම තම පළමු ඉනිමට තෙවන දිනයට තරගය නතරකරන විට කඩුලු හතරකට ලකුණු 368 ක් ලබා සිටියේය.ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එහිදී පන්දු 253 කින් හතරේ පහර 23 ක් සහ එක් හයේ පහරකින් ලකුණු 187 ක් ලබා ගත්තේය.
තම කුලුඳුල් තරගයට සහභාගී ලහිරු උදාර (29) ක් ලබා දැවීයන විට පැතුම් සමගින් එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයක් ආරම්භක කරණු ලැබුවේ වසර 29 කින් පසුව වීම විශේෂත්වයකි.මීට පෙර අවසන් වරට මෙවන් දෙයක් සිදුවුයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව රොෂාන් මහානාම සහ චන්දික හතුරුසංහ මෙල්බර්න්හී 1995 වසරේදී ඉනිම ආරම්භ කිරීමය.
තම අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් (39)කින්ද නොම්බර තුන පිතිකරු ලෙසට දිනේෂ් චන්දිමාල් (54) අර්ධ ශතකයකින් දායක විය.
බංග්ලාදේශය පළමු ඉනිම සියලුම දෙනා දැවී 495 යි (ප.වා 153.4)-නජ්මුල් හුසේන් ෂැන්ටෝ 148,මුෂ්ෆිකර් රහීම් 163,ලිටන් දාස් 90,අසිත ප්‍රනාන්දු 4/86,මිලාන් රත්නායක 3/39,තරිඳු රත්නායක 3/196
ශ්‍රී ලංකාව කඩුලු 4 ට 368 යි (ප.වා 93)- ලහිරු උදාර 29,දිනේෂ් චන්දිමාල් 54,ඇන්ජලෝ මැතිව්ස් 39,පැතුම් නිස්සං 187,කමිඳු මෙන්ඩිස් නොදැවී 37,මොමිනුල් හක් 1/24,හසන් මහමුද් 1/49