SLCS
කොළඹ දකුණු සහ නුවර පෙරමුණට

කොළඹ දකුණු සහ නුවර පෙරමුණට

නැෂනල් යූත් ලීග් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණු සහ නුවර කණ්ඩායම් ඔවුන් සහභාගි වු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.මෙම තරගාවලිය සෙනසුරාදා සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවති අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරණු ලබයි.

තරගාවලිය ආරම්භ කරමින් නුවර පිල වෙනුවෙන් තමන් සහභාගි වු  පුලීෂ තිලකරත්න ගාල්ල පිලට එරෙහිව නොදැවී 103 ක්ද,කොළඹ උතුරු පිලට 133 ක්ද ලබා ගනිමින් ශතක දෙකක් රැස් කළේය.ඔහු මෙම තරගාවලියට මහනුවර ත්‍රිත්ව පිල නියෝජනය කරමින් සහභාගිවේ.

මීට අමතරව කොළඹ උතුරු පිල වෙනුවෙන් චාමික හීනටිගල (105) නුවර පිලට එරෙහිව ශතකයක් ලබා ගත්තේය.    

ගාල්ල පිල පන්දුවාර 48.5 කදී සියලුම දෙනා දැවී 246 යි-දුල්සිත් දර්ශන 22,විශ්ව සුපුන් 67,චර්ය පරණවිතාන 40,චාමරිඳු නෙත්සර 59,කෙනුල පිහිලියන්ග 4/32,කවිජ ගමගේ 2/34

නුවර පිල පන්දුවාර 43.2 කදී කඩුල 4 ට 248 යි- මන්ත මහාවිතාරණ 39,පුලීෂ තිලකරත්න නොදැවී 103,යෝෂිත ඉසුරංග 45,කවිජ ගමගේ 27,ගිම්හාන රසංජන 2/38

නුවර පිලට කඩුලු 6ක ජයක්.

කොළඹ උතුරු පිල පන්දුවාර 34.3 කදී සියලුම දෙනා දැවී 153 යි-කිත්ම විතානපතිරණ 45,මනස මධුභාෂන 39,තරුෂ කොඩිකාර 32,හිරුෂා ප්‍රනාන්දු 2/32,දහම් නිර්මාල් 3/21,මලින්ත සිල්වා 3/31

කොළඹ දකුණු පිල පන්දුවාර 31.5 කදී කඩුල 4 ට 157 යි-හිරුන් මතීෂ 22,රෙහාන් පීරිස් නොදැවී 91, ශ්‍රීරාම් ජීවහන් 2/32  

කොළඹ දකුණු පිලට කඩුලු 6ක ජයක්.

නුවර පිල පන්දුවාර 50 කදී සියලුම දෙනා දැවී 288 යි-දිමන්ත මහාවිතාරණ 98,පුලීෂ තිලකරත්න 133,තරුෂ කොඩිකාර 3/48,තරුෂ නවෝද්‍ය 2/41,මනස මධුභාෂන 2/52

කොළඹ උතුරු පිල පන්දුවාර 46.3 කදී සියලුම දෙනා දැවී 242 යි-කිත්ම විතානපතිරණ 50,චාමික හීනටිගල 105,නිසල අබේරත්න 3/35,නිමේෂ් සිල්වා 2/27,කෞෂිකා කුමාරසිංහ 2/46

නුවර පිලට ලකුණු 46 ජයක්.

කොළඹ දකුණු පිල පන්දුවාර 50 කදී කඩුල 9 ට 263 යි-රෙහාන් පීරිස් 26,ඔෂාන් ද සිල්වා 41,රමිරු පෙරේරා 45,ජේසන් ප්‍රනාන්දු 81,කුගදාස් මාතුලන් 2/42,විග්නේෂ්වරන් ආකාෂ් 2/38,දිමත් අබේසිංහ 2/24

දඹුල්ල පිල පන්දුවාර 42.3 කදී සියලුම දෙනා දැවී 199 යි- දාමේෂ් මතිෂන් 27,නවෝද්‍ය සමරසිංහ 55, චන්දූප අබේසිංහ 38,හිරුෂ ප්‍රනාන්දු 4/36,මලින්ත සිල්වා 2/22,නෙතුල් අනුහස් 2/38

කොළඹ දකුණු පිලට ලකුණු 64 ජයක්.