වෙළඳ සේවා ක්‍රිකට් සංගමය විසින් මෙහයවනු ලබන "G" කොටසේ ශුරතාවය දිනා ගැනීමට HNB Assurance කණ්ඩායම සමත් විය.පසුගිය සෙනසුරාදා (21) පැවති අවසන් තරගයේදී ඔවුන් විසින් Access Group පිල ලකුණු 152 කින් පරාජය පත්කරන ලදි.මෙම තරගය වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.
පළමුව පන්දුවට පහරදුන් HNB Assurance පිල වෙනුවෙන් දසුන් අබේවර්ධන පන්දු 58 කින් හයේ පහර 13 ක් සමගින් ලකුණු 118 ක් ලබා ගනිමින් අවසන් තරගයේ වැඩි ගෞරවය ලබා ගත්තේය.
HNB Assurance පිල 229/6 ප.වා 25 යි-දසුන් අබේවර්ධන 118,ලිනල් සුබසිංහ 50,දුලාංජන විජේසිංහ 36,චරිත් සුදාරක 2/44
Access Group පිල 17.5 කදී යියලුම දෙනා දැවී 77 යි -උමාර් ඉම්රාන් 25,කිත්මාල් වික්‍රමරත්න 4/8,ඉසුරු සම්පත් 2/11,චමෝද් පියුමාල් 2/11
HNB Assurance පිලට ලකුණු 152 ක ජයක්.