SLCS
පැතුම්ගේ ශතකය ශ්‍රී ලංකාවට වැඩි ගෞරවය ගෙන දෙයි

පැතුම්ගේ ශතකය ශ්‍රී ලංකාවට වැඩි ගෞරවය ගෙන දෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙදෙ දිනය නිමාවන විට 278/2 ලෙසට තරගයේ වැඩි ගෞරවය සතුකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද දිනයට තරග ආරම්භයේදී 228/8 ලෙස සිටි බංග්ලාදේශ පිල සියලුම දෙනා 247 ක් ලබා සිටියදී දැවී ගියේය.තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වු සොනාල් දිනූෂ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ.

ඉන් අනතුරුව පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ ලහිරු උදාර (40) අරම්භක කඩුල්ලට ගෙඩනැගු සබඳතාවය 88 කි.නෙම්බර 3 පිතිකරු ලෙස පිටියට පිවිසි  දිනේෂ් චන්දිමාල් (93) අවාසනාවන්ත ලෙස ශතකයට ලකුණු 7 ක් පිටු පසින් සිටියදී දැවීයන විට ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 194ක සබඳතාවක් පවත්වා තිබුණි.

දිනයේ පන්දුවාර 2.5 ක් ඉතිරිව තිබියදි සැදෑ පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය (5) නෙදැවී සිටියි.මෙහිදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක අද (26) සමත් වනවිට ඔහු පන්දු 238 කින් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 146 නොදැී ලබා සිටියේය.දෙරට අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදීද ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන්ද පැතුම් අගනා ලකුණු 187ක් රැස්කිරීමට සමත් විය.

බංග්ලාදේශය සියලුම දෙනා දැ 247 යි-ෂඩ්මන් ඉස්ලාම් 40,මුෂ්ෆිකර් රහීම් 35,ලිටන් දාස් 34,තයිජුල් ඉස්ලාම් 33,සොනාල් දිනූෂ 3/22,අසිත ප්‍රනාන්දු 3/51

ශ්‍රී ලංකා පිල කඩුලු 2 කට 278 යි-පැතුම් නිස්සංක නොදැවී 146,දිනේෂ් චන්දිමාල් 93,ලහිරු උදාර 40,තයිජුල් ඉස්ලාම් 1/90,නයීම් හසන් 1/41