SLCS
නුවර  අපරාජිතව ඉදිරියට

නුවර අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරණු නැෂනල් යූත් ලීග් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (24,25) පැවති තරග ජය ගැනීමට නුවර,ගාල්ල,කොළඹ උතුරු කණ්ඩායම් සමත් විය.මෙම තරග සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවත්වුණි.

මෙම තරගයන්හි කොළඹ දකුණු පිල වෙනුවෙන් රෙහාන් පීරිස් (112) නුවර පිලට එරෙහිව ශතකයක් රැස් කරමින් ප්‍රතිවාදින්ට 357 ක දැවැන්ත ඉලක්කයක ලබා දුන්නද එය පහසුවෙන් ලගාකර ගත් නුවර පිල මෙම තරගාවලියේ සහභාගි වු තරග හතරම ජයගනිමින් අපරාජිතව ඉදිරියෙන් සිටියි.  

කොළඹ දකුණු පිල පන්දුවාර 50 කදී කඩුල 5 ට 356 යි-රෙහාන් පීරිස් 112,සුවහස් ප්‍රනාන්දු 31,හිරුන් මතීෂ 73,ඔෂාන් ද සිල්වා 46,රමිරු පෙරේරා 33,ජේසන් ප්‍රනාන්දු නොදැවී 23,සුමේධ ප්‍රසාද් 3/53,සෙත්මික සෙනෙවිරත්න 1/55

නුවර පිල පන්දුවාර 49.4කදී කඩුල 7 ට 357 යි-දිමන්ත මහාවිතාරණ 51,යෝෂිත ඉසුරංග 52,කවිජ ගමගේ 49,ආදම් හිල්මි 72,සෙත්මික සෙනෙවිරත්න 53,දිනෙත් පීරිස් 2/58,රමිරු පෙරේරා 2/39

නුවර පිලට කඩුලු 3ක ජයක්.

දඹුල්ල පිල පන්දුවාර 48.2 කදී සියලුම දෙනා දැවී 209 යි-ජනිදු රණසිංහ 44,දිනුග මෙත්විරු 70,රජිත් නවෝද්‍යා සමරසිංහ 22,මලිත් ද සිල්වා 3/35,විරාන් චමුදිත 2/28,ලිදුල නෙත්මින2/42

ගාල්ල පිල පන්දුවාර 48.2කදී කඩුල 9 ට 213 යි-විරාන් චමුදිත 24,දුල්සිත් දර්ශන 78,චාමරිඳු නෙත්සර 40,මහීෂ සිතුම් තරිඳු 2/34,සනුජා නිඳුවර 2/35,විග්නේෂ්වරන් ආකාෂ් 2/37

ගාල්ල පිලට කඩුලු 1ක ජයක්

ගාල්ල පිල පන්දුවාර 47.2 කදී සියලුම දෙනා දැවී 213 යි-දුල්සිත් දර්ශන 73,චාමරිඳු නෙත්සර 60,ඩුනික් පෙරේරා 4/49,කිත්ම විතානපතිරණ 2/30

කොළඹ උතුරු පිල පන්දුවාර 31.3 කදී කඩුල 2 ට 217 යි-දුල්නිත් සිගේරා 22,අවීෂ සමෂ් 75,සෙනුජ වැකුණගොඩ 83,කිත්ම විතානපතිරණ 28,අරෝෂ උදයංග 1/39,මලිත් ද සිල්වා 1/60

කොළඹ උතුරු පිලට කඩුලු 8ක ජයක්.

දඹුල්ල පිල පන්දුවාර 48 කදී සියලුම දෙනා දැවී 164 යි-ජනිදු රණසිංහ 62,නිසල අබේරත්න 2/46,සුමේධ ප්‍රසාද් 2/46,නිමේෂ් සිල්වා 3/21

නුවර පිල පන්දුවාර 32.2කදී කඩුල 6 ට 166 යි-දිමන්ත මහාවිතාරණ 78,කවිජ ගමගේ 32,මෙනුර නිරෝෂන 2/18,ෂෙහාන් සිසිර කුමාර 2/44

නුවර පිලට කඩුලු 4ක ජයක්.