රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති "C" කොටසේ අවසන් තරගයේදී ලංකා විදුලි බල මණ්ඩල පිල කඩුලු හතරකින් පරාජය කරමින් වව්නියා පොලිස් කණ්ඩායම එම කොටසේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙම තරගයේ අද උදෑසන ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පන්දුවාර 42 ට සීමා විය.පළමුව පන්දුව පහර පහර දුන් ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමක් පන්දු වාර 28.2 කදී සියලුම දෙනා දැවී ලකුණු 114 ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස වව්නියා පොලිස් කණ්ඩායමක් පන්දුවාර 23 පන්දු දෙකකදී කඩුලු හයක් දැවී තම ජයග්‍රහය ඉලක්කය පසුකර ගියේය.
ලංකා විදුලි බල මණ්ඩල පිල ප.වා 28.2 කදී සියලුම දෙනා දැවී 114 යි-හසිත ගුණසිංහ 40,දුෂාන්ත බුද්ධික 21,චමින්ද සේනාරත්න 3/6,ඉන්දික කුමාර 3/20,හසිත පතිරත්න 2/14
වව්නියා පොලිස් පිල ප.වා 23.2 කදී කඩුලු 6 ක් දැවී 118 යි-චමින්ද සේනාරත්න 20,තුසිත නන්දන කුමාර 28, අමිල සේනාධීර 2/29,දුෂාන්ත බුද්ධික 2/26
වව්නියා පොලිස් පිලට කඩුලු 4 ක ජයක්.